නාමල්ගේ ඉල්ලීම භානුක පිළිගනීඋණුසුම් පුවත්, ක්‍රීඩා පුවත්, රට වටා පුවත් / By admin ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ඔහුගේ තීරණය පිළිබඳ වෙනසක් සිදු කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්ව පවසයි.එම තීරණය භානුක තමන්ට නිල වශයෙන් දැනුම් දුන් බව හෙතෙම පවසයි.භානුක රාජපක්ෂ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී ඊයේ සවස මුණ ගැසුණි.එහිදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව භානුක මෙම තීරණය ගෙන තිබේ. Facebook WhatsApp Messenger