ඉන්දියාවේ බෙල් බොටම් සෞදි අරාබියේ තහනම්

ආක්ෂේ කුමාර්ගේ බෙල් බොටම් චිත්‍රපටය සෞදි අරාබියේ, කටාර් සහ කුවේට්හි තහනම් කිරීමට එරට බලධාරීන් කටයුතු කළහ. මෙම චිත්‍රපටයේ දැක්වෙන්නේ මංකොල්ලකරුවන් විසින් පැහැර ගත් ඉන්දියානු ගුවන් යානයක් බේරා ගැනීම සඳහා රෝ නියෝජිතයෙකු රහසිගත මෙහෙයුමක් කරනු ලබන ආකාරයයි. එහෙත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් විශ්වාස කරන්නේ මගීන් බේරාගෙන පැහැරගත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ තමන් බවයි. මේ චිත්‍රපටය සත්‍ය විකෘති කිරීමක් කර ඇති බව ඔවුන් පවසයි . මෙම හේතුව නිසා ආක්ෂේ කුමාර්ගේ බෙල් බොටම් සෞදි අරාබියේ, කටාර් සහ කුවේට්හි තහනම් කර තිබේ. ඔවුන්ට අනුව, එවකට ආරක්ෂක ඇමති ෂෙයික් මොහොමඩ් බින් රෂි අල් මක්ටූම්ගේ නායකත්වය යටතේ, 1984 ගුවන් යානා පැහැර ගැනීමේ සිද්ධියේදී ඉන්දීය මගීන් නිදහස් කර ගැනීමට සහ පැහැරගත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මුළු මෙහෙයුමම සිදු කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් බවයි.

ඉන්දියාවේ කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල මධ්‍යයේ සිනමාහල් වල ප්‍රථම වරට තිරගත වූ පළමු චිත්‍රපටය වූයේ ආක්ෂේගේ මෙම චිත්‍රපටයයි. මේ සදහා ඉතා හොඳ ප්‍රතිචාර ලැබිණි. කෙසේ වෙතත් ඉන්දියාව තුළ යහපත් ප්‍රතිචාර ලැබුණ ද එය තිරගත කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් ඉඩ ලබා නොදීමට කටයුතු කළහ. රංජිත් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද බෙල් බොටම් චිත්‍රපටය ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ අගමැතිනියව සිටි සමයේ සත්‍ය සිදුවීම් වලින් ආභාෂය ලබා ඇත. මෙම චිත්‍රපටයෙන් කියවෙන්නේ 1984 ගුවන් යානා පැහැර ගැනීමේ සිද්ධියේදී බෙදුම්වාදීන් කණ්ඩායමක් ලාහෝර් වෙත මුලින්ම ගුවන් යානය ගොඩබස්වා පසුව එය ඩුබායි වෙත ගෙන ගිය බවයි.