
වැවපාර, අත්තිඩිය ප්‍රදේශයේ කළ වැටලීමකදී චමින්ද කුමාර සිල්වා හෙවත් “බඩෝවිට ලොකු මල්ලී” හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොටර්ථයකින් ගමන් කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර ඒ මොහොතේ මොටර් රථය තුළ ආයුධ දෙකක් සහ හෙරොයින් ග්‍රෑම් 16කට අසන්න ප්‍රමාණයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු වන අතර මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තාගේ සමීපතමයෙකු ද වේ. සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.