
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත. ඉදිරි පාකිස්ථාන තරගාවලිය සදහා මෙම පත් වීම සිදු කර ඇති අතර ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සදහා කැමැත්තෙන් පසු වන බව සදහන් කර තිබෙනවා.

අවිශ්ක පසුගිය මැයි මාසයේ සියලු දූෂණ චෝදනා වලින් නිදහස් වීමෙන් අනතුරුව මෙම පත්වීම සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයේ වර්තමාන තත්ත්වය අනුව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය ගැන ද අවිනිශ්චිතභාවයක් මතුව ඇත.
වෙබ් අඩවිය ඇසුරෙනි.