Chathura Bandara

අර්බුදයෙන් රත්වුණු සත්තුවත්ත

මේ වනවිට ඩොලරයේ බර සමස්ත ලංකාවටම බරපතළ රිදුමක් වී තිබේ. එකී රිදුම පිරිමදිමින් ජීවන අරගලයට සහන සෙවීම පිණිස මහජනතාව තවමත් මහපාරේ පෝලිම්වලය. ඩොලරයේ බර මෙන්ම අසාර්ථක රාජ්‍ය යාන්ත්‍රණයේ බර දරා ගැනීමට නොහැකි ව මිනිසුන් අදටත් විරෝධතාවලය. ජන ජීවිත පවත්වා ගැනීමෙහිලා උග්‍ර බලපෑමක් වී තිබෙන ආර්ථික අවපාතය දැන් සත්වෝද්‍යානවල කූඩූ වී සිටින සතුන් දක්වාම දිවයමින් තිබෙන්නේය. …

අර්බුදයෙන් රත්වුණු සත්තුවත්ත Read More »

ලෝකයම කතා කරන විස්මිත ආමේනියාව

දසුනෙන් දුරස් නම් මනසින් ද දුරස් ය. මේ ප්‍රකට කියමන ඔබ කොතෙකුත් අසා ඇතුවාට සැකයක් නැත. එසේ වුවත් මේ අපූරු කියමනට උරුමකම් කියන රට ගැන නම් ඔබට එතරම් මතකයක් තිබේදැයි සැක සහිතය. මෙවැනි අපූරු කියමන් දහස් ගණනක් උපත ලැබුවේ ආර්මේනියාවේ බව ඔබ දන්නවාද ? තුර්කියට බටහිරට වන්නටත්, ජෝර්ජියාවට උතුරට වන්නටත්, අසර්බයිජාන් දේශයේ නැගෙනහිරට වන්නටත්, ඉරානයට …

ලෝකයම කතා කරන විස්මිත ආමේනියාව Read More »

ඩලස් ආණ්ඩුව පාවාදුන්නා කුට්ටිගෙන් දෝස්මුරයක්

අගමැති සිහිනයේ පැටලී ආණ්ඩුව කඩාබිද දැම්මේ ඩලස් අලහප්පෙරුම බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පවසා තිබේ.එකට සිට කුමන්ත්‍රණ කරන බවට කුට්ටිආරච්චි දැඩි ලෙස අලහප්පෙරුමට දොස් නගා ඇති අතර රැස්ව සිටි මන්ත්‍රීවරුන් බොහෝදෙනා එය අනුමත කර තිබේ.තමා එසේ නොකළ බව කියමින් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියන විට ඔහු බේරා ගැනීමට ඉදිරිපත්ව ඇත්තේද මහින්ද රාජපක්ෂ …

ඩලස් ආණ්ඩුව පාවාදුන්නා කුට්ටිගෙන් දෝස්මුරයක් Read More »

තෙල්වලට ඒකාබද්ධ මිල සූත්‍රයක්

ඉන්දියන් – ලංකා තෙල්වලට ඒකාබද්ධ මිල සූත්‍රයක් ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හදුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සදහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද(28) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට හමුවේදීය. ඛනිජතෙල් සැපයුම අඛණ්ඩව සිදු …

තෙල්වලට ඒකාබද්ධ මිල සූත්‍රයක් Read More »

ගෑස් සැපයුමට වෙන දේ

ඉන්දියන් ණය පහසුකම සහ ලෝක බැංකු ණය පහසුකම් යටතේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වය ගෙන ඒමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් වෙළද සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවට එක්වෙමින් ඇමතිවරයා සදහන් කලේ ඉදිරි කාලය තුළ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බවයි.

දුම්රිය පෙර ලෙස වැඩ.

දුම්රිය ධාවනය අද සිට නැවතත් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ ක්‍රියාත්මක වූ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය සේවකයින් බහුතරයක් අසනීප නිවාඩු වාර්තාකර තිබිනි. මේ නිසා ඊයේ දුම්රිය ධාවනය අඩාල වූ නමුත් අද සිට සාමාන්‍ය පරිදි දුම් රිය ධාවනය සිදුකෙරෙයි.

ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජනපති අගමැති හමුවෙති

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ජනාධිපති මන්දිරයේ පැවැත්වෙමින් තිබේ.ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන්.අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති කැමැත්ත දෙයි

සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකග බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්දී තිබේ.ආණ්ඩු පක්ෂයේ සහ ස්වාධීන වූ පක්ෂ නායකයන් වෙත ලිපියක් යවමින් වත්මන් අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉවත්වීමෙන් පසු පිහිටුවන නව රජයේ ව්‍යුහය පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවකට එළඹෙන සිකුරාදා පැමිණෙන ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

පොහොට්ටුවේ පසු පෙළින් ජනපතිට තර්ජනයක්

අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් කළහොත් විපක්ෂයේ අසුන් ගන්නා බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.ගාල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාළ ඇතුළු මන්ත්‍රීවරුන් දසදෙනකු ජනාධිපති රාජපක්ෂ ඊයේ (26) හමුවූ අවස්ථාවේ මේ බව පවසා ඇත.විපක්ෂයේ හෝ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ හඩට බියවී මහින්ද අස් නොකළ යුතු බවත් කෙසේ හෝ බහුතරය පෙන්වා ආණ්ඩුව රැකගත …

පොහොට්ටුවේ පසු පෙළින් ජනපතිට තර්ජනයක් Read More »

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක හමුවක් හෙට

ආණ්ඩුවේ අනාගතය තීරණය කෙරෙන තීරණාත්මක සාකච්ඡාවක් හෙට (28) ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා සහභාගී වන මේ හමුවට ජනාධිපති සහ අගමැති එක්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බවට විවිධ ඉල්ලීම් ඉදිරිපත් වන අතරේ පැවැත්වෙන මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම් රැස්වීම තීරණාත්මක වනු ඇති බවත් හෙතෙම කීවේය.

Scroll to Top