
කොරෝනා වෛසරයට මුහුණදීම සදහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක‍්‍රම සමග දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක‍්‍රම එක් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
දේශීය වෛද්‍ය ක්‍රම මගින් වෛසරයට මුහුණදීම සදහා ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට හැකියාව ලැබෙන බව පැවසූ රතන හිමියෝ ඒ සදහා දේශීය වෛද්‍ය ක්‍රමයට හා විකල්ප වෛද්‍ය ක්‍රමවලට අවස්ථාව ලබාදිය යුතු බවද සදහන් කළහ. පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසූහ
දේශීය වෙදකම, යුනානි ආදී විකල්ප වෛද්‍ය ක්‍රම ලංකාවේ තිබෙනවා. මේ වෛද්‍ය ක්‍රමවල අය කොරෝනා මර්දන කමිටුවට පත් කරලා තියෙනවාද? වැක්සින්කරණය හොද තත්වයක තියෙනවා. ඒත් එන්නත පිළිබද වෛද්‍යවරු අතර එකගතාවයක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන බටහිර වෛද්‍යවරයෙක්. ඒත් දේශීය ශාඛසාරවලින් නිපදවාගත් ඖෂධයකින් කොරෝනා වෛරසයට සාර්ථක ප්‍රතිපල ලැබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.
රෝහල් තත්වය ගැන, ඔහු කරන ප්‍රකාශ ගැන රජය දැනුවත්ද. උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයාගේ ප්‍රකාශ නොසලකා හැරිය නොහැකියි. එන්නත් දෙකම ලබාගෙන ඇති කී දෙනෙක් මේ රටේ මිය ගිහින් තියෙනවාද? රෝගය කොතරම් බරපතල වුනත්, අපේ ඇගේ ඇතුලින් එන ප්‍රතිශක්තියෙන් හොද වෙනවා. ප්‍රතිශක්තිය දුර්වල අය මිය යනවා. ඒත් ප්‍රතිශක්තිය වැඩි අය ජීවත් වෙනවා. දැන් ලංකාවේ එන්නත් වර්ග තුනක් දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අතර පවා මේ එන්නත් ගැන වාද විවාද පැවැත්වෙනවා. මේවා ගැන අවධානය යොමු කරලා තියෙනවාද?
එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් අයත් මිය යවනවා. ඒ අනුව මේ වෛරසයට ඇති එකම උත්තරය එන්නත්කරණයද කියන ප්‍රශ්නයක් තියෙනවා. එන්නත්කරණය අනිවාර්ය කළ යුතු නැහැ. මේ වෛරසයෙන් මිය යන්නේ සියයට එකක් නම්, බටහිර වෛද්‍ය විද්‍යාව හැර අනෙකුත් විකල්ප වෛද්‍ය විද්‍යාත්මක ක‍්‍රමවලින් මේක සුව කළ හැකි බව කියනවා නම් ඒ සදහා අවස්ථාවක් නොදෙන්නේ ඇයි? අපිට දෙන්න පුලුවන් නිර්දේශය තමයි එන්නත් නොගත් අය පොදු ස්ථානවලට යාම සීමා කිරිමයි. විකල්ප වෛද්‍ය ක‍්‍රම පිළිබද ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද? වයස අවුරුදු 30 ට අඩු පිරිස් එන්නත් කිරීම නොකිරීම සුදුසු බව බොහෝ දෙනාගේ ස්ථාවරයයි. විදේශගතවීමට බලාපොරොත්තු වන අයට එන්නත් කරණය කිරිමට හැකියි. එත් අපේ දැනුම් පද්ධතිය යොදාගෙන විකල්ප ක‍්‍රමවලට යා යුතුයි.
කොරෝනා වෛසරයට පිළියමක් ලෙස ප්‍රතිශක්තිය රදවා ගැනීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් චීන රජයත් පවසා තිබෙනවා. එතකොට ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට හැකියාව ඇත්තේ බටහිර වෛද්‍ය ක්‍රමවලට පමණද? දේශීය වෛද්‍ය ක්‍රමවල ප්‍රතිශක්තිය රදවාගැනීමට හැකියාවක් නැද්ද? එහෙම දේශීය වෛද්‍ය ක්‍රම අනුව ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට හැකි බව ඔප්පු කළ අය සිටිනවා. මේ අරහෙන් මෙහෙන් දේවාලවලින් කියන දේවල් නෙමෙයි. දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම දෙකම හැදෑරූ අය මේක පිළිගෙන තියෙනවා.
කොරෝනා වෛරසයට තිබෙන සාර්ථක ක්‍රමය තමයි අපි තුළ ප්‍රතිශක්තීකරණය විධිමත්ව පවත්වාගෙන යාමයි. ඒ සදහා රජයට විධිමත් වැඩපිළිවෙලක් තියෙනවාද කියලා දැනගන්න කැමැතියි.
කොරෝනා වෛරසය මර්දනය කිරීමේදී ඒකාබද්ධ වෛද්‍ය ක්‍රමය ඉතා වැදගත් බව දකුණු කොරියාව සහ චීනය වැනි රටවල් පිළිගෙන තිබෙනවා. ආර්යුවේදය හා පාරම්පරික වෙදකම එක් කිරීමට, ආණ්ඩු පක්ෂයේ රැස්වීම් වලදී හා ආණ්ඩුව හා විපක්ෂය එක්වූ රැස්වීම්වලදී මම කියා තිබෙනවා.
කොරෝනා වෛරසය තිබුණත්, නැතත් මේ වෛද්‍ය ක්‍රම එක් කිරීම ලෝකයේ පිළිගෙන තිබෙනවා. නමුත් ඉතා දියුණු වෛද්‍ය ක්‍රමයක් ඇති අපේ රටේ ඒ සදහා ගෙන ඇති පියවර මොනවාද? ගිය සතියේ බස්නාහිර පළාතට ආර්යුවේද ඖෂධ බෙදීමට කටයුතු කිරීම ගැන සතුටු වෙනවා. නාවින්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අය බොහෝ දෙනෙක් සුවවී නිවෙස්වලට ගොස් තිබෙනවා. බොරැල්ල ආර්යුවේද රෝහලත් මේ සදහා යොදා ගැනීමට හැකියාව තිබෙනවා. අද ඖෂධ කඩ ඇරලා නැහැ. ප්‍රාදේශීය ආර්යුවේද ඇරලා නැහැ. දේශීය වෙදකමත්, බටහිර වෙදකමත් ඒකාබද්ධ කරන්න. නාවින්නේ වෛද්‍ය ක්‍රමය අත්හදා බැලීමේදී බටහිර වෛද්‍යවරුන් දෙන්නෙක් නාවින්න රෝහලේ වැඩ කරනවා. එහෙනම් මේ බෙහෙත් කසාය ටික මහ රෝහලට දේශීය වෛද්‍යවරුත් ඒකාබද්ධ කරන්න පුලුවන්.
විශේෂයෙන් ස්වසන ආබාධ ඇතිවුනාම ලබාදෙන ක්ෂණික ප්‍රතිකාර ක‍්‍රම ආර්යුවේදයේ තියෙනවා. ඒවා අපිට මනාව භාවිතා කළ හැකියි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරම්පරා වෙදකමේ ඇති ක්‍රම ද භාවිතා කරන්න. විකල්ප වෛද්‍ය ක‍්‍රම හා බටහිර වෛද්‍යක‍්‍රම ඒකාබද්ධ කිරීමෙන් අපිට විසදුම් ලබාගැනීමට හැකියි. දේශීය වෙදකමත් එක්ක අලුත් ආර්ථිකයක් අපිට හදන්න පුලුවන්.
ඒ නිසා ඒකාබද්ධ වෛද්‍ය ක්‍රමයකට යන්න කියලා අපි ඉල්ලා සිටිනවා.