අසාද් සාලි තවදුරටත් රිමාන්ඩ්

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සැප්තැම්බර් මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, මීට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදි යි.

රටේ නීතිය සහ මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාළ ව ඔහු පසුගිය මාර්තු මස 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබීය.