
Angelina Jolie කිව්වම කවුද නොදන්නේ. ඒක තමයි කියන්න තියෙන සරලම කතාව. බොහෝ දෙනෙක් ඇයව හඳුනන්නේ අතිදක්ෂ නිළියක් වශයෙන්. නමුත් ඇත්තම කතාව ඇය නිරූපිකාවක් වගේම මේ වෙනකොට චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ඇය මානව හිතවාදී චරිතයක් ලෙසත් බහුතරයක් දෙනා හඳුන්වන්නට කටයුතු කරන්නේ ඇය ඉටුකරනු ලබන සමාජ සත්කාරයක් නිසයි .ඇකඩමි සම්මානයක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන තුනක් ඇතුළුව සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙන ඇය හොලිවූඩයේ වැඩිම මුදලක් අය කරන නිළිය වශයෙන් ද කිහිප වතාවක් ම නම් කර තිබුණා.
කෙසේ වෙතත් මීට වසර 31කට පෙර ඇන්ජලීනා ජොලීගේ මුල්ම ඡායාරූප එකතුව කරනු ලැබුවේ ඡායාරූප ශිල්පී හැරී ලැන්ග්ඩන් විසින්. ඒ වන විට ඇයගේ වයස අවුරුදු පහළොවයි .ඉතින් පහතින් දැක්වෙන්නේ ඇය නිරූපිකාවක් ලෙස පෙනී සිටි මුල්ම ඡායාරූප පෙළයි. මෙම ඡායාරූප සඳහා ඇය පෙනී සිටින විට කිසිවිටෙකත් සිතන්නට නැතිව ඇති තමා කෙදිනක හෝ හොලිවුඩයේ ජනප්‍රියම නිළිය වනවා යැයි කියා.