
ඊයේ රාත්‍රි 11.30 පමන ගාල්ල මහින්ද විදුහලේ විදුහල්පතිවරයාට නිල නිවස ඉදිරිපිටදී පුද්ගලයෙකු විසින් පහර දුන් බවට විදුහල්පතිවරයා ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ
බිරිඳය අසනීපවීම නිසා ඇය කරාපිටිය ශීක්ෂණ රෝහලට ගෙන ගොස් නතර කර නිවස කරා මෝටර් රථයෙන් පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ මෝටර් රථය පිටුපසින් යතුරු පැදියකින් පැමිණි බීමත් පුද්ගලයෙකු විසින් මේ අහර දීම සිදුකර තිබේ.
මේ වනවිට මෙම පහරදීම සිදු කළ පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.