
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ් මහතා දැනට කොවිඩ් ආසදනය වී සිටින දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින බවට සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූප ව්‍යාජ ඒවාය.
එම මහතා ලංකා හොස්පිට්ල්ස් ලංකා හොස්පිට්ල් හි සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
මේ අතර අජිත් රෝහණ මහතා තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් තමන් සුවෙන් පසුවන බව ප්‍රකාශ කරයි.
තමා ඉතාමත් සුවෙන් පසුවන බවත් ආශිර්වාද කළ සැමට ස්තූතිය ප්‍රකාශ කරන බවත් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් දන්වා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තම නිල ෆේස්බුක් පිටුව වෙත පණිවිඩයක් නිකුත්කොට තිබේ. එම පණිවුඩය පහත පරිදිවේ.