AIA ඉන්ෂුවරන්ස් නව ප්‍රධාන අලෙවි නිලධාරීවරයා සසිත් බඹරදෙණිය

2023 ජනවාරි මස සිට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය නව ප්‍රධාන අලෙවි නිලධාරීවරයා ලෙස සසිත් බඹරදෙණිය මහතා පත්කොට තිබේ.

වසර 15ක අලෙවිකරණ, සන්නිවේදන, ක්‍රමෝපායික සැලසුම් සහ මෙහෙයුම් නායකත්වයකින් හෙබි සසිත් බඹරදෙණිය මහතා දේශීය රක්ෂණ ක්ෂේත්‍රයෙහි කැපී පෙනෙන මෙන්ම සම්මානලාභී නව්‍ය ප්‍රයත්නයන් ගණනාවක් සඳහා පෙරමුණ ගෙන ක්‍රියාත්මක වී ඇති අත්දැකීම් සපිරි අලෙවිකරණ නායකයෙකි.

බඹරදෙණිය මහතා AIA සමාගමට ආගන්තුකයෙකු නොවේ. සිය වෘත්තීය ජීවිතය AIA ශ්‍රී ලංකාහි කළමනාකරණ පුහුණු ලාභියෙකු ලෙස අරඹන ඔහු පසුව විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පුරාවට සේවය කර අත්දැකීම් රාශියක් ලබා ඇති අතර, ඉතා මෑතක දී එනම් AIA හා සම්බන්ධ වීමට පෙර ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී තනතුර හෙබවීය. නිර්මාණශීලීත්වය, නවෝත්පාදන සහ පරිවර්තනය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ඔහුට ඇති හැකියාව මෙන්ම ඔහු සතු අත්දැකීම් සම්භාරය ඔස්සේ AIA ශ්‍රී ලංකා හි තරුණ නායකත්ව කණ්ඩායමේ දක්ෂතා පූර්ණ සංචිතයට නව ජවයක් ඔහුගෙන් ලැබෙනු ඇත.

සසිත් බඹරදෙණිය මහතා ඉහළ ශක්‍යතාවයන් දක්වන විෂයන් අතුරින් ඇතැමක් ලෙස නිෂ්පාදන කළමනාකරණය, විදත් ව්‍යාපාර(e-commerce) සන්නාම සංවර්ධනය සහ සන්නිවේදනය හැදින්විය හැක. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර ඔස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්ව විද්‍යාලයෙන් අලෙවිකරණය සහ කළමනාකරණය පිළිබඳ ප්‍රධාන වූ ව්‍යාපාර පිළිබඳ උපාධියක් ද ඔහු සතුව ඇත.

AIA ශ්‍රී ලංකාහි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය මෙම පත්වීම පිළිබඳව සිය අදහස් දක්වමින් කියා සිටියේ “සසිත් අත්දැකීම් බහුල, ඉහළ දක්ෂතාවලින් පිරිපුන් අලෙවිකරණ නායකයෙක්. සන්නාමය වැඩි දියුණු කරමින් සේවාලාභීන් සහ ව්‍යාපාර කේන්ද්‍රික අලෙවිකරණ ප්‍රවේශයක් ඔස්සේ සන්නාමය සංවර්ධනය කරා ගෙනයාමේ හැකියාව ඔහුට තිබෙන බව මගේ විශ්වාසයයි.”

සසිත් බඹරදෙණිය මහතාට Bizline කණ්ඩායමෙහි සුබපැතුම් !!!