
ඇෆ්ගනිස්තානයේ කොටු වී සිටින යුක්‍රේන ජාතිකයින් මුදා ගැනීම සඳහා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට පැමිණි ගුවන් යානයක් හඳුනා නොගත් කණ්ඩායමක් විසින් පැහැරගෙන තිබෙනවා.
එය මේ වනවිට ඉරානය දක්වා රැගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම ක්‍රියාවත් සමග ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වීමට සිටි යුක්රේන ජාතිකයන් විශාල පිරිසක් කාබුල් ගුවන් තොටුපළේ අතරමංව සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.