
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ පැරණි සහ නව නිර්දේශ යටතේ පෙනී සිට විභාගය සමත් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් ප්‍රතිශයන් පිළිබඳ වැඩිදුර තොරතුරු www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
එසේම, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන Z-score ලකුණු ලබන මස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.