A9 මාර්ගයේ අනතුරක්

A9 මාර්ගයේ පූනෑව, මහකුඹුගොල්ලෑව හන්දිය ප්‍රදේශයේදී රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක මිය ගොස් තිබේ.

මියගිය දැරිය මහකුඹුගොල්ලෑව, පූනෑව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මේ වනවිට මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

කැබිතිගොල්ලෑව පොලිසිය සඳහන් කරන්නේ මැදවච්චිය දෙස සිට වව්නියාව දෙසට පැමිණි මෝටර් රථයක් මාර්ගය මාරුවෙමින් සිටි කාන්තාවකගේ සහ දැරියගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෝටර් රථයේ රියැදුරු මැදවච්චිය රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනඅතර සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.