
බීමත්ව සිටි දෙපිරිසක් බහින් බස්වීමෙන් ඇති වූ ආරවුලක් දුරදිග ගොස් තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ 24 හැවිරිදි ධීවර තරුණයකු සහ තරුණයාගේ 61 හැවිරිදි පියා කැපුම් ප්‍රහාරයකට ලක්ව මේ වන විට රෝහල් ගතව සිටී.
තුවාල ලැබීමෙන් පසුව පියා නාකුලුගමුව රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර තරුණයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
ගැටුමට හේතු වී ඇත්තේ ඉඳි ආප්ප- ඉඳි ආප්ප කොත්තු සම්බන්ද ආරවුලකි. තුවාල ලැබූ දෙදෙනා කුඩාවැල්ල දකුණ පන්සල අසල පදිංචි පියපුතු දෙපළකි. ඔවුන් සමීප නෑදෑයන් බව පොලිසිය පවසයි.