බාලිකාවක සිසුවියක් ගොඩනැගිල්ලකින් පනී

බාලිකාවක සිසුවියක් ගොඩනැගිල්ලකින් පනී

අඩි 15ක් පමණ උසක සිට මහනුවර බාලිකා පාසලක 15 හැවිරිදි සිසුවියක් ,පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පැන තිබෙන අතර එම සිසුවිය මේ වනවිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ති‌බේ.

දෙමව්පියන් විසින් පොලීසියට පවසා ඇති බවට වැඩිදුරටත් වාර්තා වන්නේ අමතක වීමේ රෝගයක් පවතින බවයි.

සිසුවිය කටුගස්තොට, කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන බව වාර්තා වෙයි ,මෙම සිදුවීම ඇත්තේ ඊයේ (09) පෙරවරු 11.30ට පමණය. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.