75 වන නිදහස් දිනයට සමගාමීව දළදා ප්‍රදර්ශනයක්

75 වන නිදහස් දිනයට සමගාමීව දළදා ප්‍රදර්ශනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.ඒ අනුව ශ්‍රී දළදා ප්‍රදර්ශනය ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මාර්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අතර 75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර තිබීම ද විශේෂත්වයකි. බෞද්ධ ආගමික වතාවත් පෙබරවාරි මස 02 වන දින සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මන්දිරයේ දී සිදු කෙරෙන අතර, එදිනම රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනය වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ දී රාත්‍රී 9.00ට ආරම්භ කෙරේ.

පසුදා උදෑසන හීල් දානමය පිංකමක් ද සිදු කිරීමට නියමිතය.