ඉල්ලා අස් වෙන්නේ නෑඅගමැති කැබිනට්ටුවට කියයි


කිසිදු හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලය හමුවේ ඊයේ (25) පවසා තිබේ.
ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණදීමට සූදානම් යැයි අග්‍රාමාත්‍යවරයා කී බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ප්‍රකාශ කළේය.
විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වුවහොත් පමණක් විපක්ෂයේ අසුන් ගන්නා බවත් රාජපක්ෂ කියා තිබේ.
කැබිනට් මණ්ඩලය හමුවේ අග්‍රාමාත්‍යවරයා සහතික කොට ඇත්තේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බහුතර බලය තමන් සතු බවය.