2023 පළමු පාසල් වාරය අද ඇරැඹේ

2023 වසරේ පළමු පාසල් වාරය අද (27) ආරම්භ විය. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් යළිත් රජයේ සහ රජයේ අනුමත පාසල් අප්‍රේල් මස 04 වන දා සිට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අවුරුදු නිවාඩුවෙන් පසුව එම පාසල් යළිත් අප්‍රේල් මස 17 වන දා ආරම්භ වීමට නියමිතය. පළමු පාසල් වාරයේ දෙවන අදියර මැයි මස 12 වන සිකුරාදා තෙක් ක්‍රියාත්මක වීමට නියමිත අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා මැයි මස 13 වනදා සිට යළිත් පාසල් නිවාඩු දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි .

පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 25වන දා ආරම්භ වන අතර එම පාසල් වාරය ජූලි මස 20වන බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.