
18 වංගුව සහිත මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය පස් කඳු සහ ගල් කඩා වැටීම හේතුවෙන් වසා දමා තිබිණි. අද (20) දින එම මාර්ගය නැවත තාවකාලිකව විවෘත කර ඇති බව වාර්තා වේ.
ඊයේ (19) පස්වරුවේ අධික වර්ෂාව සමඟ පස් කඳු සහ ගල් කඩා වැටීම නිසා 18 වංගුවේ දෙවන වංගුව ප්‍රදේශයට අයත් මෙම මාර්ගය තාවකාලිකව වසා දැමිණි. මේ වන විට මාර්ගයේ පස් කඳු සහ ගල් ඉවත් කර ඇති අතර එය යළි රථවාහන ධාවනය සඳහා අවසර දී ඇති බව හසලක පොලිසිය පැවසීය.