කොළඹ, දෙහිවල, ගල්කිස්ස,කඩුවෙල, කෝට්ටේ මහ නගර සභා ප්‍රදේශ, බොරලැස්ගමුව, කොලොන්නාව,මහරගම,නගර සභා ප්‍රදේශ ,මුල්ලේරියාව,කොටිකාවත්ත ප්‍රාදේශීය සභා ප්‍රදේශ සහ රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදු කරනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ජලාපවහන මණ්ඩලය තව දුරටත් සඳහන් කරන්නේ දෙසැ. 10 පෙ.ව. 10.00 සිට එදින රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලිබල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව ය.
