
එංගලන්තය තුළ වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් හැඳි , ගෑරුප්පු, පිඟන් භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබේ. ස්කොට්ලන්තයේ සහ වේල්සයේ මේ වනවිටත් මෙම නීතිය ක්‍රියාත්මක වන අතර එහෙත් එංගලන්තය තුළ එය ක්‍රියාත්මක වන්නේ, කවදා සිට ද යන්න මේ වන විටත් සඳහන්ව නැත .
පහසුවෙන් දීරාපත් නොවන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය වසර ගණනාවක් තිස්සේ, එංගලන්තය තුළ ගොඩ ගැසී පවතී.
පසුගිය සංඛ්‍යා ලේඛනවලට අනුව එක් වරක් පමණක් භාවිත කරන පිගන් බිලියන 1.1 ක් සහ බිලියන 4කට වැඩි හැඳි ගෑරුප්පු සංඛ්‍යාවක් පවතින බව සඳහන්ය.