හෙට සියලුම පාසල්වලට නිවාඩු

පවතින දේශගුණික තත්ත්වය මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කරනු ලබන්නේ හෙට (09) දිනය සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබාදී තිබෙන බවයි.
අමාත්‍යාංශය පවසන්නේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසීමෙන් අනතුරුව එම තීරණය ගත් බවය.