හිටපු කථානායකගේ දේහය පාර්ලිමේන්තුවට

ඊයේ (29) දින අභාවප්‍රාප්ත වුණු හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

1941 වර්ෂයේ සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වන කථානායකවරයා ලෙස කටයුතු කරනු ලැබිණි.

අද පෙරවරු 9.00 සිට පෙරවරු 10.00 දක්වා දේහය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ඉදිරිපස පිහිටි විශේෂ උත්සව ශාලාවේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.