හැටන් නගරයේ ඉන්ධන පෝලිමක සිටි අයකු අද (27) අලුයම හදිසියේ මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හැටන් නගරයේ පැති විදියේ කුලී පදනම ලබා ගත් වෙළද සලක නිමි ඇදුම් ව්‍යපාරයක් කරගෙන යන හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් ක්‍රිෂ්ණෂාමි (55) නමැති දෙදරු පියකු බව හැටන් පොලිසිය පවසයි.
මොහු පෙරදින (26) රාත්‍රී 7 ට පමණ භූමිතෙල් ලබා ගැනීමට හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්පල වෙත් ගොස් පැය 5ක් පමණ පෝලිමේ සිට ඇති බවත් වාර්තා වේ.