හරක් කටා ඇතුළු 8ක් මැඩගස්කරයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඇතුළු 8 දෙනෙක් මැඩගස්කාරයේ ගුවන් තොටුපොළකදී අත්අඩංගුවට පත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ය.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ හරක් කටා ඇතුළු 5 දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වනදා එරට නොසිබි ගුවන්තොටුපොළ වෙත පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ ඇති බවය. පසුදින මොවුන් අභ්‍යන්තර ගුවන් යානයකින් ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොළට පැමිණ ඇති බව ද එම වාර්තාවල සඳහන්. එමෙන්ම අත්අඩංගුවට පත් පිරිස අතර හරක් කටාගේ බිරිය සිටින බව ද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. ඇය මැලගාසි ජාතික තැනැත්තියක් බව සඳහන්.

ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය 1 වනදා මැඩගස්කරයෙන් පිටව යෑමේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ හරක් කටා සුපිරි ධනවතකු ලෙසින් පෙනි සිට තිබේ. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැඩගස්කාරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේදීය.