
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මැඩගස්කරයේ ගුවන් තොටුපළකදී අත්අඩංගුවේ සිට පෙරේදා අලුයම ශ්‍රී ලංකාවට ගෙනැවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියි.
හරක් කටාගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න නමැති පුද්ගලයකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. ඔහු විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
නීතිඥ මංජුල බාලසුරිය මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, තනුක නන්දසිරි, ඉරේෂ් සෙනවිරත්න, සංජය ආරියදාස යන නීතිඥයින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිට ඇත.