54 හැවිරිදි සෙලීන් ඩියොන් සුව කළ නොහැකි ස්නායු රෝගයකින් පෙළෙන බව මේ වනවිට හඳුනාගෙන තිබේ. මිනිසුන් මිලියනයකින් එක් අයෙකුට බලපාන මෙම තත්ත්වය අවසානයේදී ජීවත්ව සිටින මිනිසුන් ගලින් නිර්මාණය කරන ලද ප්‍රතිමා මෙන් දිස් වන්නට පටන් ගන්නේ එය ක්‍රමයෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපන කිරීමෙන් ඇවිදීමට හෝ කතා කිරීමට නොහැකි තත්ත්වයට පත් කරමිනි.
ඇයට වැළදී ඇති ‘Stiff Person Syndrome’දුර්ලභ ස්නායු රෝග තත්ත්වයක් වන හෙයින් එය පාලනය කළ නොහැකි ලෙස මාංශ පේශීන් ආතතියට පත් කරයි.
SPS සඳහා ප්‍රතිකාරයක් නොමැති අතර, එහෙත් එහි වර්ධනය පමා කිරීමට ප්‍රතිකාර ක්‍රම මේ වන විට සොයාගෙන තිබේ. ඇය පවසන්නේ රෝග ලක්ෂණ අවම කිරීමට තමාට හැකි සෑම ප්‍රතිකර්මයක්ම තමා විසින් සිදු කරනා බවයි.
