69 ලක්ෂයක්, 68 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ 145කට වැඩි බලයක් සහ 2/3ක බලයක් ලබා දීලා ඒ නිර්මාණය කරපු ඒ ආණ්ඩුව රට වට්ටලා තිබෙන මොහොතක ඒ හොර හැත්තත් එක්ක අපේ කිසිම ඩීල් එකක් නෑ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
අද ජාත්‍යන්තර කපුටු දිනය වන අතර අනෙක් හොර කපුටගෙන් පෝෂණය වුණු, පංගුව ගත්තු බැසිල් රාජපක්ෂයේ සෙරෙප්පු සුප් බීපු කණ්ඩායම් තමන්ට සහ සමගි ජනබලවේගයට හොර හැත්තත් එක්ක ඩීල් දානවායැයි චෝදනා කරන බවත් රට කාපු හොර හැත්තත් එක්ක සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය හෝ සජිත් ප්‍රේමදාසගේ ඩීල් දමන්නේ නැති බවත් ඒ මහතා පැවසීය.
[27/04, 12:54] Dhanu: හැටන් නගරයේ ඉන්ධන පෝලිමක සිටි අයකු අද (27) අලුයම හදිසියේ මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හැටන් නගරයේ පැති විදියේ කුලී පදනම ලබා ගත් වෙළද සලක නිමි ඇදුම් ව්‍යපාරයක් කරගෙන යන හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් ක්‍රිෂ්ණෂාමි (55) නමැති දෙදරු පියකු බව හැටන් පොලිසිය පවසයි.
මොහු පෙරදින (26) රාත්‍රී 7 ට පමණ භූමිතෙල් ලබා ගැනීමට හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්පල වෙත් ගොස් පැය 5ක් පමණ පෝලිමේ සිට ඇති බවත් වාර්තා වේ.