
විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදකවරියක වූ සුමිත්‍රා පීරිස් මැතිනියගේ අභාවය සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී සිය ශෝකය පළ කළේය. ඒ, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ලෙස්‍ටර් ජේම්ස් පීරිස් නම් වන අපේ විශිෂ්ඨත ම ජාත්‍යන්තර සිනමා අධ්‍යක්ෂකවරයාගේ බිරිඳ මෙන්ම, ස්වාධීනව කළ විශිෂ්ඨ නිර්මාණ රාශියක් සඳහා ජාත්‍යන්තරව ගෞරවය ලැබූ, රටට සම්මානයන් ගෙනා සුමිත්‍රා පිරිස් මැතිනියගේ අභාවය සම්බන්ධයෙන් මෙසේ රජයේ ශෝකය පළ කරන බව, අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසිය.
“නියෝජ්‍ය කතානායකතුමිනි. ඔබතුමාගේත්, පාර්ලිමේන්තුවේත් අවසරය ඇතිව අපේ රටේ විශිෂ්ඨතම ගෞරවනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වූ සුමිත්‍රා පීරිස් මැතිනිය වියෝ වී තිබෙනවා. ඒ නිසා ඒ ශෝකය අපි මේ අවස්ථාවේ රජය වෙනුවෙන් සටහන් කරන්න කැමතියී.
ලෙස්‍ටර් ජේම්ස් පීරිස් අපේ විශිෂ්ඨතම ජාත්‍යන්තර සිනමා අධ්‍යක්ෂකවරයාගේ බිරිඳ වගේම එතුමියත් ස්වාධීනව මෙවැනි නිර්මාණ රාශියකට ජාත්‍යන්තරව ගෞරවය ලැබුවා. රටට සම්මානයන් ගෙනාවා. ඒ වියෝවීම පිළිබඳ ශෝකයට මේ අවස්ථාවට අපි එක්වෙනවා.”