හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක විසින් 15 හැවිරිදි සිසුවෙකු ගේ මුහුණ සිප අතවර කිරීම හේතුවෙන් එම ගුරුවරිය හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළාය. 42 හැවිරිදි තිදරු මවක වන ඇය මෙම මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එම සිසුවාගේ මාපියන් විදේශ ගතව සිටින අතර ඔහු නතරව පාසල් යනු ලබන්නේ මවගේ සහෝදරියගේ නිවසේ සිටය. පසුගිය 5 වන දින ගුරුවරිය මෙම ක්‍රියාව සිදුකොට ඇත්තේ දරුවාගේ පුංචි අම්මා නිවසේ නොසිටි මොහොතකය.
මේ හේතුවෙන් ඇය රාජකාරී කල පාසලෙන් ඉවත්කොට ඉංගිරිය පාසලක් වෙත මාරු කරයැවීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබේ
