සිසුවාට අතවර කළ හොරණ ටීචර්ට ඇප

පහළොස් හැවිරිදි සිසුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි හොරණ ප්‍රදේශයේ 42 හැවිරිදි තිදරු මවක් වන ගුරුවරියට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කළ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
මෙම ගුරුවරිය එම ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරිය ද ලෙස කටයුතු කරන අතර අතවරයට පත් සිසුවාගේ පන්ති භාර ගුරුවරිය ලෙස ද කටයුතු කරයි.