ස්වාධීන කොමිෂන් සභා සඳහා පරීක්ෂණ

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අද (27) දිනයේත් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මෙම පරීක්ෂණ සඳහා පසුගිය සතියේ අවස්ථා කිහිපයකදීම ව්‍යවස්ථාදායක සභාව රැස් වී තිබේ.

මැතිවරණ කොමිසම, සීමානීර්ණ කොමිසම, ජාතික පොලිස් කොමිසම ඇතුළු කොමිෂන් සභා 10ක් සඳහා සාමාජිකයින් පත් කිරීමට අයදුම්පත් කැඳවීම පසුගිය දා සිදු කෙරුණි. අයදුම්පත් 2,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන්. අයදුම්පත් වෙන වෙනම කාණ්ඩ යටතට පත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු සඳහා පුද්ගලයින් කැඳවා ඇත.

මෙම පරීක්ෂණ අවසන් වූ වහාම අදාළ නාම ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.