කාලෙන් කාලෙට ලංකාවේ විවිධ දේවල් රැළි පටන් ගන්නවා.ඒ රැළිවල තියෙන වානිජ අරමුණු බොහෝ වෙලාවට ඉලක්ක කර ගන්නේ පුරුෂ පාර්ශ්වය.ඒ නිසාම මේ රැලි හදන්න මූලික වශයෙන් කාන්තාවන් නොදැනීම පාවිච්චි වෙනව කිව්වොත් ඒ කතාව වැරැද්දක් නෙවෙයි.
මීට කාලෙකට ඉස්සර ජයටම තිබුණු දැනටත් තියෙන රැල්ලක් තමයි කැරොකේ සමාජ ශාලා රැල්ල.කොවිඩ් වසංගතයට පෙර මේ රැල්ල යටපත්වුණේ ස්පා රැල්ල එක්කමයි.පාරෙන් පාර ගමෙන් ගම පටන්ගත්තු මේ ස්පා රැල්ල නිසා කැරෝකේ සමාජ ශාලාවලට සැලකිය යුතු පහරක් එල්ලවුණා.ඒකට හේතු කිහිපයක් බලපෑව.අංක එක තමා කාන්තාවකගේ එහෙමත් නැත්නම් අඩ අඳුරේ සුරූපී ලළනාවකගේ ස්පර්ශය විඳගන්න හිතාගෙන කැරෝකේ සමාජ ශාලාවලට ගිය අයට ස්පාවල අවසරයකින්ම ඒ අවස්ථාව ලැබුණා.මේ නිසා ස්ප පොකුරු පිටින් ආරම්භ වුණා.
ෆුට් ස්පා කියන සංකල්පයෙන් කකුල් මසාජ් කරන්න ආරම්හ කළ ස්පා ඉන් එහාට ගියේ කාගේවත් අවසරයක් නොමැතිව.හරියට කිව්ව්වොත් ඇතැම් ස්පා ගණිකා මඩම් බවට ක්‍රමානුකූලව පත්වුණා.
උදාහරණයක් කිව්වොත් බත්තරමුල්ල ප්‍රදේශයේ සිට කොට්ටාව දක්වා පැලවත්ත හරහා යන මාර්ගයේ ස්පා එගෙමත් නැත්නම් සම්බාහන මධ්‍යස්ථාන එකසිය පනහකට වඩා දකින්නට පුළුවන්.පුංචි පුංචි රතු පාට එල් ඊ.ඩී එළිවලින් අලකාර කරපු මේ ස්පාවල අඩුම තරමේ කාන්තාවන් දස දෙනකුට වඩා සේවය සපයනවා.
මේ කතා කරන්න හදන්නේ එසේ ස්පාවලට කොටුවෙන කාන්තාවන්ගේ ඉරණම ගැන.
මේ කාන්තාවන්ගෙන් බහුතරයක් ගමේ ඉඳන් කොළඹ රැකියාවට එන තරුණියන්.ඇතැම් තැන්වල විශ්ව විද්‍යාලවලට එන තරුණියන්ද හමුවෙනවා.
මේ සියලුදෙනා උදෑසන ඉඳන් රෑ එළිවෙනකල් සේවාව සපයනු ලබනවා.ස්පා කියන්නේ ලෝකේ වගේම ලංකාවෙත් තිබෙන හොඳ සංකල්පයක්.නමුත් මේ බහුතරයක් ස්පා තුළ අද සිදුවෙන්නේ ඒ සංකල්ප නොවෙයි.ශරීරය සම්භාහන කරල නිදහස් මනසක් සෞඛ්‍යආරක්ෂිත දිවියක් ගත කරන්න හදපු මේ සංකල්ප අපේ ලංකාවේ කලු කඩ මුදලාලිලා අල්ලා ගන්නේ වෙනම තැනකින්.මේ තග් මුදලාලිලා ගමේ ඉඳන් එන තරුණියන් ගණිකාවන් බවට පත් කරන මධ්‍යස්ථාන බවට මේ සම්භාහන මධ්‍යස්ථාන පත් කරගෙන හමාරයි.කවුරුන් හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සහතිකයකට මුවාවී ඔවුන් කරගෙන යන මේ ජාවාරමට අහුවෙන තරුණියන් කිසිවෙකුට මේ රවුවෙන් ගැලවෙන්නට අවස්ථාව නොලැබීම අවාසනාවට කරුණක්.
වෙනදා ගමෙන් ඇඟලුම් කම්හල් වෙත ආපු තරුණියන්ගෙන් සැලකිය යුතු කොටසක් අද සේවය කරන්නෙ කොළඹ ස්පාවල.
මේකට හේතු වෙන කරුණු කිහිපයක් තිබෙනවා.ඉන් පළමුවැන්න තමයි රටේ පවතින ආර්ථිකය.සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරන තරුණියක් මාසයකට අනෙකුත් තරුණියක් උපයන මුදලට වඩා තෙගුණයක් මුදල් උපයන බව ඔවුන් පවසනවා.ඒ මුදල දවසකට රුපියල් පන්දහසේ සිට දස දහස දක්වා එහා මෙහා වෙන්න පුළුවන්.
මෙසේ ක්ෂණික මුදල් හොයන මේ රස්සාව දාල යන්න පස්සෙ කවුරුත් කැමති වෙන්නෙ නැහැ.මේක තමා ප්‍රධානතම හේතුව.ඒ වගේම මේ හොර සම්භාහන මධ්‍යස්ථාන කරගෙන යන බොහෝදෙනා චණ්ඩි කුලකයේ අය.ඒ නිසාම මේ පාරට වැටුණු අයට වෙන පාරක යන්න ඔවුන් ඉඩ දෙන්නෙ නැහැ.
“කිසිම දවසක මෙහෙම රස්සාවක් කරන්න හිතුවෙ නෑ.මම මොණරාගල තමයි ඉස්සර ක්ලාස් ගියේ.එහෙදි හම්බවුණ මගේ යාලුවෙක් කොළඹ වැඩට ගියා.ටික කාලෙකින් එයා හම්බවෙද්දී හිටියෙ ගිය කෙනා නෙවෙයි.එයා අතේ සල්ලි හොඳට තිබුණා.මම අහුවා මොකද බං උඹ කරන්නෙ එහේ කියල .ක්ලබ් එකක වැඩ කියල කිව්වා.එයාගෙන් මමත් ඇහුවා රස්සාවක් හොයාගන්න බැරිවේද කියල.ආයුර්වේද තැනක රස්සාවකට එයා යනව කියල එහේ යමු කියල මට කිව්වා.අපි දෙන්නා කොළඹ බස් එකක නැග්ගා.ඒ තමයි ජිවිතේ වැරදුණු තැන.දැන් මේකෙන් ගැලවෙන්න බැරි තැනට ඇවිල්ලා.ඒක නිසාම ලිං කටින් ම ගොඩ එන්න බලනවා.”
මේ ස්පා එකකින් ඇසෙන කතාවක්.මෙසේ ස්පාවල සේවය කරන තරුණියන් බොහෝවිට පොලීසියට කොටුවන්නේ ස්පා මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා සේවාව හේතුවෙන්.
ඇතැම් තරුණියන් මෙතනින් වැටෙන්නේ මහ මඟට වීම තවත් සෝචනීය තත්වයක්.මේ කාරණා පිළිබඳ එකිනෙකාට ඇඟිල්ල දිගුකරගන්නවාට වඩා කළ යුත්තේ තමාගේ අවබෝධයෙන් කටයුතු කිරීම පමණයි.
ගමෙන් කොළඹට එන තරුණියන්ට සුර ලොවක් පෙන්වා පවත්වාගෙන යන මේ ජාවාරමට හසු නොවීමට වගබලාගත යුත්තේ තරුණියන් විසින්මයි.
කොළඹට එන බොහෝ තරුණිය ස්පාවල කොටුවෙලා පිරිමින්ට සේවාව සපයනවා.ඔවුන් ඇත්තටම මේ රැකියාව් කරන්නේ සතුටින් නොවන බව කිවයුතුමයි.නමුත් කෙසේහෝ වේවා ඔවුන්ගේ වටිනා තරුණ ජිවිත මුදලාලිලාට සුර සැප විඳින්නට කැපකිරීම ඛේදවාචකයක්.
මෙසේ ස්පාවල කොටුවී ජීවිතය ගෙවා දමන්නේ රටේ දියුණුව වෙනුවෙන් කැපවිය හැකි තරුණ ශ්‍රම හමුදාවට අයත් තරුණියන්.මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්.මෙසේ ස්පාවල සේවය කරනු ලබන තරුණියන් තමන්ගේ අවට සිටින තරුණියන්ද මේ සඳහා පොළඹවාගනු ලබනන්නේ තමා ගත කරන්නේ සුපිරි ජීවිතයක් බව අනෙකාටද ඒත්තුගන්වමින්.මේ නිසාම බොහෝ ගම්බද තරුණියන් කොළඹ රැකියාවට පැමිණ ස්පාවල සේවය කිරීමෙන් ඛේදනීය ජීවිතයකට එක්වෙනවා.
මෙසේ ස්පාවලට එක්වන තරුණියන්ට ඉන් ගැලවීමට මඟක් ලැබෙන්නෙ නැහැ.මේ නිසාම කලක් ගතවෙද්දී ඔවුන් ගේ ජීවිත අන්ධකාරයේ සෙවනැල්ල විසින් වසා ගන්නවා.කලක් ගතවීමේදී මේ තරුණියන්ට ඉන් ගැලවීමට අවශ්‍ය වුවද ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ.ගණිකාවක් හෝ සම්භාහන මධ්‍යස්ථානයක සේවය කළ අයෙක් යන ලේබලය අලවා ගන්නා ඔවුන් ජීවිතය අන්ධකාරයේ තබාගෙන අනෙක් අය තෘප්තිමත් කිරීමට තම ජීවිතයම කැප කරනවා.මෙසේ ජීවිතය අඳුරු කරගන්නේ අපේ රටට රටේ දියුණුවට බොහෝ දායකත්වය සැපයිය හැකි තරුණියන් පිරිසක් වග වටහා ගත යුතු කාරණයයි.එමෙන්ම රටට අනාගත පරපුර බිහි කිරීමට සිටින කාන්තාවන් මෙසේ ජීවිතය අඳුරු කරගැනීම දැඩි සමාජ ගැටලු ඇති කරන්නට බලපාන බවද සැලකිය යුතුමයි.
ස්පාවලට දියනොවී තමාගේ අභිමානය සමඟ රට දියුණු කිරීමට මෙන්ම තමාද දියුණුවන ව්‍යවසායකයකු ලෙස ගොඩගැඟීමට ඇති අවස්ථා මේ රට තුළ ඕනෑ තරම් තිබේ.ස්වයං රැකියාවක් අරඹමින් ජීවිතය දිනූ තරුණියන් අපට බහුල ලෙස මේ සමාජයේ හමුවෙනව.එවැනි උතුම් චරිත මේ රට මෙන්ම සමාජය දියුණුවට ඉතා ඵළදායක සේවාවක යෙදෙයි.ඔවුන් දියුණු පවුල් සංස්කෘතියක් සහ අභිමානවත් ජීවිතයක් ගෙවමින් සිටිනවා.
මේ ලිපිය හරහා අපි කියනට උත්සහ කළේ ස්පාවල ගෙවන මේ ජීවිත කියන තරමට රහ සුන්දර ඒවා නොවන බවත් ඉන් එහාගිය බොහෝ දේ මේ රට තුළ කළ හැකි බවත් යන කාරණය පමණයි.
මේ දියවන ජවය ප්‍රයෝජනයට ගනිමින් රට සංවර්ධනය කරන්නට හැකියාව පවතිනවා.ඒ සඳහා නිශ්චිත ක්‍රමවේද සැකසීම බළධාරීන් ගේ වගකීමක්.ඒවගේම මෙවැනිදේට හසු නොවී සිටීම බුද්ධිමත් කාන්තාවගේ වගවීමක්.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය වශයෙන් කාන්තාවන් පත්වෙලා තියෙන දරිද්‍රතාව මේ තරුණියන් ස්පා වෙත යොමු වීමට බලපාන ප්‍රධාන කාරණාව ලෙස දක්වන්නට පුළුවන්.
මේ ලිවවීම හරහා අප බලාපොරොත්තු වෙන්නේ ස්පාවලට විරෝධය දැක්වීමක්වත් මේ පිළිබඳ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමක්වත් නොවෙයි.ඇතැම්විට ඔබටත් සමාජයේ ගැවසෙනකොට මේවගේ ඉක්මනින් සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් ක්‍රම ගැන විවිධ යෝජනා එන්න පුළුවන්.නමුත් මේ ජීවිතය කියන තරම් සුන්දර සරල එකක් නොවන බව වටහාගත යුතුම කාරණාවයි.මෙහෙම තැනකට වැටුණොත් ආයෙත් සමාජ ගත වෙලා ගොඩ එනවා කියන්නේ ටිකක් බැරෑරුම් කාරණාවක්.ඒ ලේබලය අලවා ගත්තට පස්සේ ආයෙ ගලව ගන්න එක ලේසි නෑ.
රටේ මෙච්චර රස්සාවල් තියෙද්දී,ස්වයං රැකියාවකින් තමාගේම ජීවිතේ ගොඩදාගන්න පුළුවන් කම තියෙද්දී මොකටද මෙවැනිදේට අත තියල ජීවිතේ පුච්චගන්නේ.
අපි මේ කතාව විවෘතව කියන්නේ කාට හෝ පණිවිඩයක් දෙන්න.ඒක ඔබේ සමාජයේ වටපිටාවෙ ඉන්න අයටත් කියල දෙන්න.