සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති කැමැත්ත දෙයි


සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකග බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්දී තිබේ.
ආණ්ඩු පක්ෂයේ සහ ස්වාධීන වූ පක්ෂ නායකයන් වෙත ලිපියක් යවමින් වත්මන් අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉවත්වීමෙන් පසු පිහිටුවන නව රජයේ ව්‍යුහය පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවකට එළඹෙන සිකුරාදා පැමිණෙන ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.