සරසවි සිසුන්ට පහර දුන් 4ක් අත්අඩංගුවට

පසුගිය දා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් පසුගිය පෙබරවාරි 15 වන දින නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවක වධය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී මෙලෙස පහරදීම සිදු කර තිබේ.

මාර්තු 28 වනදා බලංගොඩ ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් ඊයේ (29) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර තිබේ.