සතියකින් පසු බිත්තරේක මිල කීයද ?

සතියකින් පසු බිත්තරේක මිල කීයද ?

සතියක් ඇතුළත බිත්තරයක විකුණුම් මිල ගණනය කොට ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝග කර තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.

කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී අද තියෙන මිල අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුළත ගණනය කොට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් සහ වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

මෙහිදී 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පනත යටතේ වූ රෙගුලාසි සඳහා අනුමැතිය ද හිමි වී ඇත.