
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් නඩුවකින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කර තිබේ.
සජින් වාස් ගුණවර්ධන මහතා මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිල දී ගැනීමේදී රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණි.
අදාළ නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.