සජිත් යළිත් නායකයා

සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුවේදී සජිත් ප්‍රේමදාස යළි එහි නායකයා ලෙස ඒකමතිකව තේරී පත්ව තිබෙන අතර සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද රංජිත් මද්දුමබණ්ඩාර මහතා පක්ෂ ලේකම්වරයා ලෙසද පත් කොට තිබේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂ භාණ්ඩාගාරික වන අතර සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතා පත්ව ඇත.