ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාල න්ගේ මව් සමාගම වන මෙටා (Meta)සමාගම විසින් සිය සේවක ප්‍රමාණයෙන් සියයට 13ක් කප්පාදු කිරිමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ලොවපුරා මෙටා (Meta)සමාගම යටතේ වැඩකරණ සේවකයින් 87,000 ක් පමන සිටින අතර මෙම තීරණයත් සමඟ සේවකයින් 11,000කට පමණ රැකියා අහිමිවනු ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබේ.
මේ අතර ෆේස්බුක්හි සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉතිහාසය තුළ ගත් අසීරුතම තීරණය මෙය බවයි.
“සෑම දරුවෙකුටම යම් හැකියාවක් තිබේ. එය හඳුනාගෙන, දියුණුකර ගැනීම ඔවුන් විසින්ම කරනු ලැබිය යුතු ය.”
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා වේ.
අරියානා හීමාල් ධර්මසේන නමැති 10 හැවිරිදි පාසල් දැරියක මෙම දක්ෂතාව දක්වා තිබේ.
ඇයට ඒ වෙනුවෙන් පිරිනමා ඇති සහතික පත්‍රයේ දැක්වෙන් පරිදි Mensa බුද්ධි පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් හිමිකරගෙන ඇති අතර, එය “genius” මට්ටම ලෙස හඳුන්වා ඇත.
මෙම දක්ෂතාව හේතුවෙන් ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකත්වය ද පිරිනමා තිබේ.
ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම 160ක් ලෙස ඇස්තමේන්තුකර ඇති හෙයින් ඇයගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ මට්ටම ඉක්මවා යාමක්බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකර තිබේ.
බ්‍රිතාන්‍යයේ වෙසෙන තවත් “දීප්තිමත්” ශ්‍රී ලාංකික දරුවෙක්: අයින්ස්ටයින්ටත් වඩා IQ ඉහළයි
ආරියානාගේ මෙම දක්ෂතාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය රැසක පුවත් පළකර තිබිණි.
අරියානා දැරියගේ මවුපියන් වන ජානක දඹරව හේවගේ සහ මේකලා පෙරේරා බ්‍රිතාන්‍යයේ හඩර්ස්ෆීල්ඩ්හි පදිංචිවී සිටිති.
අරියානා අධ්‍යාපනය ලබන්නේ, හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ ය. ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීම ය.
2012 වසරේ දී බ්‍රිතාන්‍යයේ උපත ලැබූ අරියානාගේ මවුපියන් ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර, 2009 වසරේ දී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය බව මව වන මේකලා පෙරේරා BBC සිංහල සේවයට පැවසීය.
“දුව විද්‍යාවට සහ ගණිතයට ගොඩක් දක්ෂයි. ඉංග්‍රීසි වගේම සිංහල භාෂාවත් එයා ගොඩක් හොඳට කතා කරනවා. ගොඩක් පොත් කියවන්න කැමතියි. එයා අපට ලැබුණ තෑග්ගක් විදිහටයි අපට හිතෙන්නේ,” මේකලා පෙරේරා සඳහන් කළා ය.
මේකලා පෙරේරා කැලණිය විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ උපාධිධාරිණියක වන අතර ඇයගේ සැමියා වන ජානක දඹරව හේවගේ බැංගලෝර් විශ්වවිද්‍යාලයයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධරයෙකි.
මේ වන විට ඔහු බ්‍රිතාන්‍යයේ සමාගමක ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කරයි.
“මගේ දුව හැම පරීක්ෂණයකින්ම ගොඩක් ලකුණු ගන්නවා. එයා නිතරම කාලය හරහා ගමන් කිරීම ගැන කතා කරනවා,” ජානක දඹරව හේවගේ පැවසීය.
අරියානා විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ද නිරත වන බව ඔහු සඳහන් කළේ ය.