සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බවයි.
සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා. ඵම යෙදවුම මගින් සංචාරකයන් අතරමංවුවහොත් ඒ වෙනුවෙන් පියවර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා ඵහිදී සදහන් කළා. මෙම කටයුත්ත ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසයි.
ඵමෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් කණ්ඩායමක් සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත සෑම මුහුදු තීරයකම ස්ථානගත කිරීමටද නියමිතය.
