
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ දේශපාලන පක්ෂ 11 ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් මෙවර පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඊයේ (13) දා ඇප මුදල් තැන්පත් කල බවයි.
සමගි ජන බලවේගය-
මාතර, හම්බන්තොට, බදුල්ල සහ කළුතර
ශ්රි ලංකා පොදු ජන පෙරමුණ-
කෑගල්ල සහ රත්නපුර
ජාතික ජන බලවේගය-
නුවරඑළිය, මහනුවර,අම්පාර, වව්නියාව, ගාල්ල, පොළොන්නරුව, සහ රත්නපුර
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ-
ගම්පහ, බදුල්ල, අම්පාර, හම්බන්තොට, සහ ගාල්ල
ප්රජාතන්ත්රවාදී එක්සත් පෙරමුණ-
ගම්පහ සහ කොළඹ
සිංහලදීප ජාතික පෙරමුණ, නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය,ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය. ශ්රී ලංකාවේ සමාජවාදී පක්ෂය, ජනතා සේවක පක්ෂය යන පක්ෂ ඊයේ දිනයේ දිස්ත්රික්ක කිහිපයක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනුයේ ස්වාධීන කණ්ඩායම් 11ක් ද ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කල බවයි.