ශිෂ්‍යයත්ව විභාගයට ඇඩ්මිෂන් නැහැ. සාමාන්‍යය පෙළ විභාග තහනම් වූ සිසුන්..?
එළඹෙන දෙසැම්බර් 18 වන දා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසයි.
ඒ වෙනුවට විභාග අපේක්ෂයින් සඳහා පැමිණීමේ ලේඛන ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මේ අතර, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් 311,321 දෙනා අතරින් 231,982ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසීය.
විභාග දෙපාර්තමේන්තුවේ අද (නොවැ. 25) ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, A සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ඒ අතර සිටින බව ය.
තව ද විභාගයට පෙනී සිටි 498 දෙනෙකුගේ ප්‍රතිඵල තහනම් කිරීමට කටයුතු කළ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.