ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම දඩ මුදල නියම කර ඇත්තේ, නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට පනවා ඇති දඩ මුදල වන්නේ තරග මුදලින් සියයට 20කි.
චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් විනිසුරුවරුන් විසින් සිදුකර ඇති එම චෝදනාවට අදාළ පරීක්ෂණයක් සිදු නොකරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇත.