ශ්‍රී ලංකාව ලකුණු 302යි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්ත ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා ලකුණු 302ක් ලබා ගත්තේය.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 42ක් ලබාගැනීමට සමත් වුණි. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දි බ්ලේයාර් ටික්නර් කඩුලු 04ක්, මැට් හෙන්රි කඩුලු 03ක් සහ ටිම් සවුති කඩුලු 2ක් බිඳ හෙළුහ.

මේ අනුව ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායම ලකුණු 285ක ඉලක්කයක් කරා හඹා යා යුතුය.