ශ්‍රී ලංකාවට එරෙහිව ශකීබ් වැඩට බහී.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මැයි මස 15 වනදා බංගලාදේශයේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශ කංඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් කැඳවා තිබේ.ශකීබ් ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 59කදී ලකුණු 4092ක් ලබාගෙන ඇති අතර ශතක පහක් සහ අර්ධ ශතක 26ක් ඊට අයත්‍ ය.ඔහු මෙම තරගවලදී කඩුළු 215ක් බිඳහෙලා ඇති අතර පළමු තරගයට ඔහු සහභාගිවීමට නියමිතය.