ශ්‍රී ලංකාවට එරෙහිව පාපන්දු තහනමක් ?

ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළ කරමින් රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දී ඇතැයි වාර්තා වේ. රුවන්ඩාවේ කිගාලි නුවර රටවල් 208 ක සහභාගීත්වයෙන් පැවති ලෝක පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේදී මෙම ඡන්ද විමසීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික අයුරින් නව රෙගුලාසි පැනවීම, සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකඟ වූ නිලවරණ මාර්ග සිතියම ඒකපාර්ශ්විකව කඩ කිරීම වැනි කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මෙලෙස ඡන්දය ප්‍රකාශ කර තිබේ.