වෙඩි තැබීමකින් රැඳවියකු මරුට

පලා යෑමට උත්සාහ කළ කෑගල්ල බන්ධනාගාරයේ රැඳවියකුට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කොට තිබේ. එම වෙඩි තැබීමෙන් අදාළ රැඳවියා මිය ගොස් තිබේ.

වෙඩි වැදීමෙන් අනතුරුව තුවාල ලැබූ රැඳවියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම රැඳවියා බන්ධනාගාරයේ අලුයම කටයුතු සඳහා යොදවා සිටි අවස්ථා‍වේදී බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කර ඇති බවත් එම නිසා වෙඩි තැබීම සිදු කර ඇති බවත් පොලිසිය පැවසීය.

මියගොස් ඇත්තේ 33 හැවිරිදි මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අදාළ පුද්ගලයා බන්ධනාගාරගත වී ඇත්තේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩත්තු නඩුවකින් පසුව බව ද පොලිසිය ප්‍රකාශ කළේය.