වී ගොවියන්ට සුබ ආරංචියක්.

එළැඹෙන යල කන්නයේදී දිවයිනේ සියලු ගොවීන්ට අවශ්‍ය මඩ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ දීමට තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ සඳහා මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නැව ලබන මස පළමු සති දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.