විශ්වාසභංගයේ කොළයක්වත් දැකලා නෑ අමරවීරගෙන් දෝස්මුරයක්

දෑසට නොදුටු විශ්වාසභංග යෝජනාවකට සහය පළ කිරීමට පුළුවන්කමක් නැති බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (25) රැස්වූ අවස්ථාවේදී අමරවීර ප්‍රශ්න කොට ඇත්තේ සමගි ජනබලවේගය ගේන බව කියන මේ විශ්වාසභංගයේ කොළ කෑල්ලක්වත් මේ වන තෙක් කිසිවකු දැක නැති බවය.